රුලං ආප්ප (Semolina Hoppers - Rava Appam)

රුලං ආප්ප (Semolina Hoppers - Rava Appam) - Your Choice Way
අද අපි හදන්න යන්නේ Rava Appam. මේක ඉන්දියන් Recipe එකක්. මේකට ගන්න ප්‍රධාන අමු ද්‍රව්‍ය රුලං. එගොල්ලෝ රුලං වලට කියන්නේ Rava කියලා. හරිම කිරි රස පෝෂණීය අතිනුත් ඉහළ මේ රුලං ආප්ප ඔයාගේ Busy Life එකට ගැළපෙන ම Breakfast Idea එකක්. හරිම පොඩි වේලාවකින් ඉක්මනට හදන්න එන්න යමු. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🟤 රුලං 1 Cup
  • 🟤 පාන් පිටි/ ආටා පිටි 2 tbsp (මේස හැදි)
  • 🟤 යිස්ට් 1/2 tsp (තේ හැදි)
  • 🟤 ලුණු රස අනුව
  • 🟤 සීනි 1 tbsp (මේස හැදි)
  • 🟤 මද උණුසුම් වතුර හෝ පොල් කිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩර් එකට දමා Paste එකක් වෙන තෙක් බ්ලෙන්ඩ් කරගන්න. (පොල් කිරි එකතු කරන කොට ටික ටික දමා උකු බැටර් එකක් වන තෙක් බ්ලෙන්ඩර් කරගන්න.මම එකතු කලේ පොල් කිරි ඒ වෙනුවට වතුර වුනත් එකතු කරන්න පුලුවන් නමුත් පොල් කිරි එකතු කලාම ඔයාට හොද කිරි රසක් ගන්න පුලුවන්.)
  2. හදාගත් මිශ්‍රනය මිනිත්තු 10ක් හොදින් වසා පිපෙන්න තියන්න. 
  3. මිනිත්තු 10කින් පසු මිශ්‍රනය හොදින් කලවම් කර හැන්දකින් අවශ්‍ය තරම ගෙන රත් වු Pan එකට දමා අඩු ගින්දරේ වසා උයාගන්න. 
  4. දෙපැත්තම පුච්චගන්න අවශ්‍ය නැ. එක පැත්තක් විතරක් පුච්චගන්න එතකොට උඩින් ලස්සනට හැදෙනවා පහළ Photo එකේ විදිහට.

රුලං ආප්ප (Semolina Hoppers - Rava Appam) - Your Choice Way

මේ Rava Appam එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්. සියලු දෙනාට සුභ දවසක්...රස පදම

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment