Me Guru Pare Song Lyrics - මේ ගුරු පාරේ ගීතයේ පද පෙළ

Me Guru Pare Song Lyrics - මේ ගුරු පාරේ ගීතයේ පද පෙළ
Song Title : Me Guru Pare (මේ ගුරු පාරේ)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා...//

ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ..

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment