Obe Namin Saya Bandimi Song Lyrics - ඔබේ නමින් සෑය බඳිමි ගීතයේ පද පෙළ

Obe Namin Saya Bandimi Song Lyrics - ඔබේ නමින් සෑය බඳිමි ගීතයේ පද පෙළ
Song Title : Obe Namin Saya Bandimi (ඔබේ නමින් සෑය බඳිමි)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර හෝ ඩෝල්ටන් අල්විස්


ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුණ්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම තාල හඬට හඬන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment