Mathakai (Sansare Kohe) Song Lyrics - මතකයි (සංසාරේ කොහේ) ගීතයේ පද පෙළ

Mathakai Song Lyrics - මතකයි ගීතයේ පද පෙළ
Song Title : Mathakai (මතකයි)
Artist : Amila Kavinda
Director & Script : @Ravindu Abeyrathna 
Music & Melody : @Hashan Thilina 
Lyrics : @Prasanna Kumara Dammalage 
DOP / Editor & Colorist : Nishan B
Production : Naada Creations 


සංසාරේ කොහේ දී හෝ යලි
හමුවේවී මේ ලෙසින් අපහට අපි
හිමිවීමයී නොවීමයී මත නොවී
ඉපදීමත් බැඳීමේ උරුමයකී

තිබුණාවෙ ආදරේ මේ - රිදෙනා හදේ ගැඹූරේ
පාළුවේ තනිකමේ මා තියා
යලි නෑ සදා පතන්නේ - සතුටක් ඔබේ ඇසුරේ
ජීවිතේ දුකට මේ හුරු වෙලා
දැවටිලා හිඳ ළඟින් - කී කතා බිඳලමින්
කිසිමදා නොසිතු සේ ඔබ ගිහින්

මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව
මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව

දාහක් නෙතු පහු කරලා ආපු ජීවිතේ
එක දවසක මුණගැහුනා ඔය දෑස් නුඹේ
වචන නොවූ හේතු එදා පුරවගෙන හිතේ
නතර වුණේ නුඹ ළඟ මා පුරුද්දට වගේ

දැවටිලා හිඳ ළඟින් - කී කතා බිඳලමින්
කිසිමදා නොසිතු සේ ඔබ ගිහින්

මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව
මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව

හීනවලට මුල පුරලා නුහුරු ප්‍රේමයේ
සිතුවිලි වල උදේ හවා ඇවිත් උන් නුඹේ
ඔය නුපුරුදු වෙනස දරාගන්න බැරිකමේ
කොච්චරටම තැවුණද මා දන්නෙ හිත මගේ

දැවටිලා හිඳ ළඟින් - කී කතා බිඳලමින්
කිසිමදා නොසිතු සේ ඔබ ගිහින්

මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව
මතකයි
ඔය ලස්සන රඟපෑම - ඒ ඉස්සර මං ගාව
හරි අපූරුවට මැවුව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment