Lengathu Pema Song Lyrics - ලෙන්ගතු පෙම ගීතයේ පද පෙළ

Lengathu Pema Song Lyrics - ලෙන්ගතු පෙම ගීතයේ පද පෙළ
Song Title : Lengathu Pema (ලෙන්ගතු පෙම)
Singing : Rohan Shantha Bulegoda


ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද
මා නෙතු විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ලොව ගැරහුම් සැඩ පහරක් වූ වද
අසම්මතේ පෙම් මල් පුබුදයි
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment