මඤ්ඤොක්කා කොළ මැල්ලුම් හදමු (Manioc / Cassava Leaves Mallum Hadamu)

මඤ්ඤොක්කා කොළ මැල්ලුම් හදමු (Manioc / Cassava Leaves Mallum Hadamu) - Your Choice Way
ලොකු පොඩි කවුරුත් එක සැරයක් කැවොත් ආයේ ආයේ ඉල්ලගෙන කන රසම රස මැල්ලුමක් තමයි මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම. හරිම රසයි. මඤ්ඤොක්කා කොළ මැල්ලුම් අපේ කෑමට එකතු කරගන්න පුලුවන් රසවත් කොළ වර්ගයක් කියලා දන්න අයත් ඇති නොදන්න අයත් ඇති මේ හැමෝටම දැන ගන්න මම අද ඔයාලට රසට මඤ්ඤොක්කා කොළ මැල්ලුම හදන විදිහ කියලා දෙන්නම්.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍀 මඤ්ඤොක්කා කොළ දලු 350g
  • 🍀 ගාගත් පොල් 1 Cup
  • 🍀 ලුණු රස අනුව
  • 🍀 වියළි මිරිස් කරල් 3-4ක්
  • 🍀 තිබ්බටු ¼ Cup
  • 🍀 රතු ලුණු 4-5ක්
  • 🍀 සුදු ලුණු බික්කක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම මඤ්ඤොක්කා කොළ හොදින් සෝදගන්න.
  2. ඉන්පසු වංගෙඩියට දමා කොටාගන්න.
  3. හොදින් කෙටුන පසු තිබ්බටු, පොල්, සුදුලුණු එකතු කර කොටාගන්න.
  4. ඔයාලට වංගෙඩියක් නැත්නම් මඤ්ඤොක්කා කොළ තරමක කෑලි කපා බ්ලෙන්ඩර් එකට දමා බ්ලෙන්ඩර් කරගන්න. තිබ්බටු, පොල්, සුදුලුණු වෙනම බ්ලෙන්ඩර් කර කොළවලට ම එකතු කර කලවම් කරගන්න.
  5. ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර රත් වු විට අබ දමා අබ පුපුරන විට කපා ගත් රතු ලුණු ටිකක්, වියළි මිරිස් කරල් දමා ටික වේලාවක් තෙම්පරාදු කර මඤ්ඤොක්කා කොළ එකතු කර ලුණු රස අනුව දමා හොදින් කලවම් කරගන්න.
  6. අඩු ගින්දරේ විනාඩි 5ක් පමණ කලවම් කර උයාගන්න.
පොල් වැඩි වෙන තරමට මැල්ලුම රස වැඩි
මඤ්ඤොක්කා කොළ මැල්ලුම් හදමු (Manioc / Cassava Leaves Mallum Hadamu) - Your Choice Way
මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම් පරිප්පු එක්ක හරිම රසයි. ඔයාලත් හදලා රස බලන්නකෝ.මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment