තුරුලතා වලින් වටවූ - කඳාල රජමහා විහාරය 🌿☸️🙏🌳 (Kandala Rajamaha Viharaya)

තුරුලතා වලින් වටවූ - කඳාල රජමහා විහාරය 🌿☸️🙏🌳 (Kandala Rajamaha Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ තවත් ඓතිහාසික පුදබිමක් ගැන..

අතීතයේ අභිමානවත්ව තිබුණ ද වර්තමානයේ නටඹුන් ශේෂයන් පවතින ඉපැරණි විහාරයක් මේ..

මොනරාගල රිටිගහවත්ත ප්‍රදේශයේ පිහිටි මේ පුදබිමට යන මාර්ගය නම් ටිකක් දුෂ්කරයි..

වාහනයකින් නම් මේ පුදබිම ලගට යන්න බෑ. පාරවල් කිහිපක් තිබුනත් රිටිගහවත්ත ගමට යන කැලෑ පාරේ ගමන් කිරීම තමා තියෙන පහසුම පාර..

මේ පුදබිම හා සම්බන්ධ ඉතිහාස කතා කිහිපයක් තියෙනවා.

සද්ධාතිස්ස රජුගේ දෙවන පුත්‍රයා වන ලජ්ජාතිස්ස කුමරු රුහුණු ප්‍රදේශය පාලනය කරන විට මෙම විහාරය ඉදිකර ඇති බව කියවෙනවා..

එසේම මෙම විහාරය වළගම්බා රජු විසින් ඉදිකරන ලද බවට ද ජනප්‍රවාද වල සඳහන් වෙනවා..

ඒ වගේම වලගම්බා ‍රජූ මෙහි සිට සේනා සංවිධානය කල බවත් කියවෙනවා..

මනරම් පරිසරයක පිහිටි මේ පුදබිම හරිම ලස්සනයි.. පරිසරය විදින්නත් කියාපූ පුදබිමක්...

මෙම විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස නම් කර තිබෙනවා..

මෙම වෙහෙර පුරාවිද්‍ය කෞතුකාගාරයක් වගේ කිව්වත් නිවැරදී... 

මොකද ගල් කණු , ගල් වැටි, ගල් ඇඳන්, ගල් පඩි , ගරාවැටුණු දාගැබ් , යනාදිය සැමතැනම පැතිර තිබෙනවා...

ඒ වගේම කටාරම් ලෙන්, නටඹුන්ව ගිය ස්ථූපයක්, නටබුන් ගොඩැලි, කොරවක් ගල්, අටපට්ටම් ගල්කණු, නෙලුම්මල්, බහිරව රූප, නාග රූප ආදිය දක්නට ලැබෙන යම් යම් පුරාවිද්‍යාත්මක සාධකයි...

මේ පිළිබඳව අධ්‍යනය  කරන්න කැමති අයට මේ පුදබිමට එන්න පුලුවන්.. බොහො දෙනෙක් මෙවැනි පුදබිම් ගැන දන්නේ නෑ..ඒ නිසා මේ අතිත උරුම ඒ ලෙසම වියැකි යනවා.. අපේ වගකීම මේවා ආරක්ෂා කරගැනීම ❤️

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment