Duka Danne Wena Kawda Song Lyrics - දුක දන්නෙ වෙන කවුද ගීතයේ පද පෙළ

Duka Danne Wena Kawda Song Lyrics - දුක දන්නෙ වෙන කවුද ගීතයේ පද පෙළ
Song Title : Duka Danne Wena Kawda (දුක දන්නෙ වෙන කවුද)
ගායනය : රොෂාන් ප්‍රනාන්දු
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු
ගී පද : රොෂාන් ප්‍රනාන්දු


දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම් //
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ඝණඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට //
මං ආයෙ හිනැහෙන්න උර මඬළට
ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment