පරිප්පු වඩේ හදමු (Dhal Wade - Parippu Wade Hadamu)

පරිප්පු වඩේ හදමු (Dhal Wade - Parippu Wade Hadamu) - Your Choice Way
මේ දවස්වල හැමෝම ගෙදර නිසා හැමෝම කැමති රස Recipe එකක් මම අද ඔයාලට අරගෙන ආවා. හදන්නත් ලේසී කටට සැරට කන්න පුලුවන් පරිප්පු වඩේ පෝෂණය අතිනුත් ඉහළයි.කොච්ච් දාපු උණු උණු වඩේ එක්ක ඉගුරු ප්ලේන් ටී එකක් බොනවා කියන්නේ ඉතිං වෙනම දෙයක් මම ආයි අමුතුවෙන් කියන්න ඕනි නැනේ. 
එහෙනම් බලමු පරිප්පු වඩේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ✔️ වටානා 200g
  • ✔️ අමු මිරිස් හෝ කොච්චි අවශ්‍ය තරමට 
  • ✔️ කරපිංචා ඉති 5-6 ක්
  • ✔️ රට ලුණු 2ක්
  • ✔️ ලුණු රස අනුව
  • ✔️ කෑලි මිරිස් අවශ්‍ය තරමට 
  • ✔️ පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පැය 3-4ක් පොගව ගත්ත පරිප්පු හොදින් සෝද ගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. 
  2. එයටම ලුණු ටිකකුත් දාලා කෑලි ටිකක් හිටින විදිහට බ්ලෙන්ඩ් කරගන්න. (අතින් අරන් ගුලි කරන විට කැඩෙන්නැතිව ගුලිය හැදෙන තරමට බ්ලෙන්ඩර් කරගන්න.)
  3. බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටික භාජනයකට දාගෙන එයට කරපිංචා,රට ලුණු, කෑලි මිරිස්,  අමු මිරිස් හෝ කොච්චි, ලුණු රස බලලා දාගන්න අපි කලිනුත් ටිකක් එකතු කරගත්ත නිසා මේ සියල්ල හොදින් කලවම් කරගන්න.
  4. දැන් පොල් තෙල් Pan එකකට දමා රත් වු විට හදාගත් පරිප්පු මීශ්‍රනයෙන් අවශ්‍ය තරමේ අවශ්‍ය හැඩෙට වඩේ හදාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙන කල් බැදගන්න.
පරිප්පු වඩේ හදමු (Dhal Wade - Parippu Wade Hadamu) - Your Choice Way
මේ පරිප්පු වඩේ හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment