Daranna Bari Wiyo Dukin Song Lyrics - දරන්න බැරි වියෝ දුකින් ගීතයේ පද පෙළ

Daranna Bari Wiyo Dukin Song Lyrics - දරන්න බැරි වියෝ දුකින් ගීතයේ පද පෙළ
Song Title : Daranna Bari Wiyo Dukin (දරන්න බැරි වියෝ දුකින්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවය ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

අසා ළබැඳි රාවයෙන් ප්‍රේම යාතිකා
එදා පිපි ස්නේහයේ මියුරු ප්‍රාර්ථනා
මෙදා කොහේ තනි කළේ ද මා
මේ සිහින වඩින රෑ තුන් යාමේ

දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවය ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

ගරා වැටී ජීවිතේ සාපයක් වෙලා
මැවේ නොතිර චේතනා මේඝයක් වෙලා
ළසෝ තැවුල් සිර කළේ ද මා
මේ සිහින නිවෙන රෑ තුන් යාමේ

දරන්න බැරි වියෝ දුකින්
තුන් සිත කැළඹී
තුරුළු සුවඳ ඉගිල ගිහින්
ඈතක සැඟවී
මේ සිහින පිරෙන රෑ තුන් යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment