Ase Mathuwana Song Lyrics - ඇසේ මතුවන ගීතයේ පද පෙළ

Ase Mathuwana Song Lyrics - ඇසේ මතුවන ගීතයේ පද පෙළ
Song Title : Ase Mathuwana (ඇසේ මතුවන)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
සංගීතය : ඩබ්. ඩී. අමරදේව


ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...//

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ //
සොයා ආවෙම් පොලෝ තලයේ...//
අනේ පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...

ඉහල නිල්වන් අහස ‍විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බණ //
මගේ නෙත සිත මෝහනය කර...//
මගේ කුදුබ‍ව පසක් කර ඇත

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment