Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ

Wasanthaye Mal Song Lyrics - වසන්තයේ මල් ගීතයේ පද පෙළ
Song Title : Wasanthaye Mal (වසන්තයේ මල්)
ගී පද : මහගමසේකර
සංගීතය : පණ්ඩිත් අමරදේව
ගායනය : පණ්ඩිත් අමරදේව


වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ//
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment