Anothaptha Vila Song Lyrics - අනෝතප්ත විල ගීතයේ පද පෙළ

Anothaptha Vila Song Lyrics - අනෝතප්ත විල ගීතයේ පද පෙළ

Anothaptha Vila Song Lyrics - අනෝතප්ත විල ගීතයේ පද පෙළ
Song Title : Anothaptha Vila (අනෝතප්ත විල)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව සමඟින් අමිතා දළුගම
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : වික්ටර් දළුගම


අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා..
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..එරන්දතිය එනවා..

සිතක උපන් දොල සංසිදුවාලා..
මතක සිනාවෙන් මුව සරසාලා..
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්..
සිතට තුරුළු වෙනවා..එරන්දතිය එනවා..

කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන...//
වරගන පිරිවරිනා එරන්දතිය එනවා...

අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා..
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..එරන්දතිය එනවා...//

නලලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙලාලා..//
පාද කිකිණි සොලවා එරන්දතිය එනවා

අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා..
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..එරන්දතිය එනවා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment