Tharu Arundathi Song Lyrics - තරු අරුන්දතී ගීතයේ පද පෙළ

Pandith W.D. Amaradewa01,පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා,Sindupotha15,සිංදු පොත
Song Title : Tharu Arundathi (තරු අරුන්දතී)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ස්ටැන්ලි පීරිස්


තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

කොයි ගියේද මට සිතුණා//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment