Aradhana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ

Aradhana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ
Song Title : Aradhana (ආරාධනා)
Artiste : Nathasha Perera
Melody and Audio Production : A-Z Sheriff 
Lyrics : Achala Solomons
Video : Bluesky Productions
Produced By : Prihan Madappuli
Script Screenplay :  Wasawa Baduge
Director / DOP / Editor / Colorist : Wasawa Baduge
Still Photography  Kasun Kaushalya @ Kaushal Photography


ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා
මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා …..

තරහා වෙලා කල චෝදනා
රිදුනත් සිතින් ඉවසුවා
වරුවක් පුරා හැඬුවත් මෙමා
ආයෙත් ඉතින් සැනසුවා
යලි සිහි උනා දෑසම තෙමා
එනවාද යලි මා සොයා …

වෙන්වී ගියා හඬවා ඔයා
අපෙ සිහින අඳුරේ දමා
මතකයි අදත් නුඹ හිනැහුනා
මගෙ ලොවම නුඹයි සදා
දෛවය අපේ
හිත් වෙන්කලා
මට දෙන්න සොඳුරේ සමා

ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදී මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා

ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදී මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා
යනවා හිතේ දුක දරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment