Raththaran Neth Dekin Song Lyrics - රත්තරන් නෙත් දෙකින් ගීතයේ පද පෙළ

Raththaran Neth Dekin Song Lyrics - රත්තරන් නෙත් දෙකින් ගීතයේ පද පෙළ
Song Title : Raththaran Neth Dekin (රත්තරන් නෙත් දෙකින්)
ගායනය : ටී එම් ජයරත්න
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ..
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ..
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ..
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ..

රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ..
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ..
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ..
ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ..

රත්තරන් නෙත් දෙකින්..
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්..
නිවන්න රත්තරන්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment