එලවළු කට්ලට් හදමු (Vege Cutlet Hadamu)

එලවළු කට්ලට් හදමු (Vege Cutlet Hadamu) - Your Choice Way
මම අද Vegetarian අයට Special Cutlet එකක් අරගෙන ආවේ. මේක හරිම රස Cutlet එකක්. එහෙනම් අපි දැන් Vege Cutlet හදමු. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අල 500g
  • සෝයාමිට් පැකට්  1 ½ 
  • ලොකු රටළූණූ 5-6ක් (පොඩිවට කපා ගත්)
  • සුදු ළූණු බික් 5 (චොප් කරගත්)
  • ඉගුරු පොඩි කෑල්ලක්(චොප් කරගත්)
  • කරපිංචා ඉති 3-4ක් (සිහින්ව ලියාගත්)
  • අවශ්‍ය පමණ අමු මිරිස් (පොඩිවට කපා ගත්)
  • කුරුදු කෑල්ලක්
  • ගම්මිරිස් (රස අනුව)
  • කෑලි මිරිස් (රස අනුව)
  • ලුණු
  • පාන් පිටි
  • පාන් කුඩු 
  • පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම අල තම්බා පොතු ඉවත් කර පොඩි කරගන්න.
  2. සෝයාමිට් ලුණු මීශ්‍ර උණුවතුරට දමා තැම්බෙන්නට හැර වතුර මිරිකා ඉවත් කර ගැඹුරු තෙලේ බැදගන්න. 
  3. බැදගත් සෝයාමිට් Blender Cup එකට දමා පොඩි කෑලි සිටින ලෙස Blender කරගන්න.
  4. ඉන්පසු චොප් කරගත් සුදුළූණු, ඉගුරු, රට ළූණූ, කරපිංචා, කුරුදු වළදකට දමා ටික වේලාවක් තෙම්පරාදු කරගන්න. එම තෙම්පරාදුවට සෝයාමිට් හා අමු මිරිස්, ගම්මිරිස්, ලුණු, කැලි මිරිස් ආදිය එකතු කර හොදින් කලවම් කරන්න.
  5. දැන් පොඩි කරගත් අල එම මිශ්‍රනයට දමා හොදින් කලවම් කර ලිප නිවා දමන්න. නිවෙන්න තබා බෝල සාදාගන්න.
  6. අපි දැන් Batter එක හදමු.
  7. පාන් පිටි, වතුර එකතු කර උකු බැටර් එකක් හදාගන්න.
  8. හදාගත් කට්ලට් බැටර් එකේ දමා පාන් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

මේ Vege Cutlet හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
එලවළු කට්ලට් හදමු (Vege Cutlet Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment