Lokaye Rudu Neth Song Lyrics - ලෝකයේ රුදු නෙත් ගීතයේ පද පෙළ

Lokaye Rudu Neth Song Lyrics - ලෝකයේ රුදු නෙත් ගීතයේ පද පෙළ
Song Title : Lokaye Rudu Neth (ලෝකයේ රුදු නෙත්)
ගායනය : ටී එම් ජයරත්න
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...

මා දෑස අවුරා ඔබ දෑස සඟවා..
සහසක් නුවන් දැල්විලා.. //
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා..

ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...

රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ..
පාළුව දැනී තනිවෙලා... //
මා තැවෙන යාමේ මේ පාළු කුටියේ
දැවටෙන්න සුවඳක් වෙලා..

ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment