Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ

Piyum Neela Vila Song Lyrics - පියුම් නීල විල ගීතයේ පද පෙළ
Song Title : Piyum Neela Vila (පියුම් නීල විල)
ගායනය : ටී.එම්.ජයරත්න
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : අජන්තා රණසිංහ


පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..

ඔබගේ වරලේ..
කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

ඔබගේ.. දෙපයේ..
වෙලෙනා හඬනු පුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ..

පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment