Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ

Me Ayurin Api Song Lyrics - මේ අයුරින් අපි ගීතයේ පද පෙළ
Song Title : Me Ayurin Api (මේ අයුරින් අපි)
ගායනය : ටී. එම්. ජයරත්න
තනුව : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ


මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment