Kaala Yashoniya Song Lyrics - කාල යෂෝණිය ගීතයේ පද පෙළ

Kaala Yashoniya Song Lyrics - කාල යෂෝණිය ගීතයේ පද පෙළ
Song Title : Kaala Yashoniya (කාල යෂෝණිය)
Artist : Amashani Herath
Lyrics : Chathura Abeysinghe
Melody : Dr. Rohana Weerasinghe
Music Arrangements : Dr. RohanaWeerasinghe


දුමෙන් වැහී ගිරි හෙලක් වැනී
නර පණුවෙක් සිටී දෙවි මුලට ගැහී
කබලක් ගෙන යටි බඩින් වැහී
අපලෙට සිදු කල යාගෙන් හිනැහී

පනම් හතර දෙයියගෙ බඩ පාමුල
පැටිය අඩයි කිරි එරෙන තාලයට
නිදන් පිටියේ හොල්මන් කර ඇරගෙන
කපුවා නටයි වන්නම වටකරගෙන

මාගේ දේව කන්නලවු අසා
ප්‍රේත භූත සර්ව දෝෂයෝ
කෝපී ව යවත් වා….

කාමී මදන රාගිනී
මෝහන නීල යක්ඛණී
මුසපත් ව යෙත් වා…

අහස පොළව දෙබෑ වී
සත්ගව් සත් මුහුදු පරයා
සකල කාමයෝ
සරීර මනස්පත පුරා දිවෙත් වා

ඇඳිරි වැටෙනකොට පන්දම් එලියට
යක්බෙර තාලෙට දෙපා වැනෙනකොට
යක්කුත් දෙයියොත් තක දොං රාගෙට
පැනපං මයිනෝ බයිලා කියාගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaala Yashoniya Song Lyrics - කාල යෂෝණිය ගීතයේ පද පෙළ Kaala Yashoniya Song Lyrics - කාල යෂෝණිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment