Bora Diya Song Lyrics - බොර දිය ගීතයේ පද පෙළ

Bora Diya Song Lyrics - බොර දිය ගීතයේ පද පෙළ

Bora Diya Song Lyrics - බොර දිය ගීතයේ පද පෙළ
Song Title : Bora Diya (බොර දිය)
Singing : Yuki ft. Ravi Jay 


පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

මුලාවට යා හැකි දුරකට
කෙනෙක් රවට්ටන ඒක පොඩි දෙයක් අද
කුමට ද සතුටක් රිදවා අන් හිත
විස්වාසය බිදුනු තැන ඉඳ පලක් නැත
කලුවරේ ඇවිත් කලුවරේ යන
මේ දෑස වසා ගන්න දින සදහට
මා යන්නේ සතුටෙන් මේ කය අත හැර
ඉතින් ගැලවුනා බොරුව ඔබෙන් සදහට
මං,

පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

ඇත්ත බොරු වෙන දින වෙනකන්ම බොරුව ඇත්ත
නොදැනිම අපි පාවිච්චි වෙනවා බොරුවක් රජ වෙන
වරෙන් මචන් සහෝදර ප්‍රේමෙන් අපි වැළදගන්න
කියලා තමා පටන් ගන්නේ මරා ගැනිල්ල
පණ දෙන්නම් බොට කිව්වට දෙන්න බැරි පන
දෙන එකා කිය කියා ඉන්නෑ දෙන දේ ගැන
උබ හිතුවද මේක වීර කතාවක් හිඳ
වචන story වෙනවා වීරයා වුණු කල
කාපු බීපු තැන කාපුවා යන්නේ වනසලා
වටේ පලාතම කුණු වපුරලා
කුණු ගොඩේම තව ඉන්න බැරි හින්දා
ආවා මගේ පාරක් මම හොයා
එවිට උබ කිව්වා එවිට උබ කිව්වා
අන්න අරූ වෙනස් වෙලා
වෙනස් වුණේ නෑ මම
කැත උබලගෙ සිතුවිලි මාව වෙනස් කලා
සමාවෙන්න ගැලූ ගග බොර වුණා
දියෙන් මම ආවා ගොඩ
දිනෙක දකින්න ඕනේ නෑ දෑසට සිදෙන
හැටි නුඹේරළ පෙල
ඉතින් යන්නද මන් ඉතින් ගැලවුනා මන්
නැවත නොයෙන්නට
දෑස වසා ගත්තා මන් මනසින් නැවත නැවත
පිබිදෙන

පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment