Thani Sithuwillaka Song Lyrics - තනි සිතුවිල්ලක ගීතයේ පද පෙළ

Thani Sithuwillaka Song Lyrics - තනි සිතුවිල්ලක ගීතයේ පද පෙළ
Song Title : Thani Sithuwillaka (තනි සිතුවිල්ලක)
Vocals : AKIIEY x USHEY
Female vocals : Genove Angelee
Mix and mastered by : l.e fam 

ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty

ආදරෙ තමයි තාමත් ආදරෙයි කෙල්ලෙ නුඹ ගැන සිහිවෙන හැම මොහොතක් ගානේ
දුකින් හිනා වුණා මගේ තනි හිත මම තනි කරන් නුඹ නැතුවම ජීවත් වුණා
ලස්සන නුඹෙ දෙතොල් සිප ගන්න කෙල්ලෙ ආසයි මම තාමත් රෑ හීනෙන්
නුඹ නැතුවම මම තනියම සැනසෙන්නම් කෙල්ලෙ මම සිහින ලෝකෙන්
ශෝකෙන් වැලපුණා මමත් ආලෙන්
නුඹ නැති බව මට දැනුණෙම කාලෙන්
කවදද අපි හමුවෙන්නෙ ආයෙත්
ඕනෙ නෑ කෙල්ලෙ මට හිතක් නම් මුලාවෙන්
ගැස්සුනු හිත හෙව්වෙම ඔබෙ රුව
මගෙ හදෙ කෝලම් රටා මවන්නෙම ඔය මුව
හිනැහුනු මම දුක් වුණෙ රහසෙම
ළං වෙන්න ඇයි මට බැරි නුඹෙ පහසෙම
හිතුවක්කාර තනි සිතුවිල්ලක මායම් කළා මට හඟවලා ඔයා
ආඩම්බර හිතින් ඔබෙන් මට කීවා ළං වෙලා කෙල්ලෙ රහසක් පවා
ආලෙක කෙල්ලෙ මම පැටලුනේ
පාලුවෙන් හිත මගෙ නැවතුනේ
හිතලද ඔබ මගහැර යන්නෙ මා
ළං වෙන තරමට ඇයි ඔබ ගන්නෙ තරහා

ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty

නුඹ ළඟ නැත්තම් මම කොහොම ඉවසන්නම් පිනි බිඳු වැටෙන හැම රැයම මට අඳුරුයි දැන් නම්
මල සිප ගන්නම් පෙති වල හාදු දෙන්නම් ඔය රුවයි මැවෙන්නෙ කෙල්ලෙ හිතෙ හැමවෙලෙ මට නම්
හාදු වැස්සෙ මං නම් තනිවම ගෙන යන්නම් ඔය රුවෙ හිත බැන්දෙ පාට කරන්නයි මං සිත්තම්
පිළිගන්නෙ නැත්තම් නුඹ මාව අතින් කැන්දන් යන්නෙ නෑ කෙල්ලෙ නුඹෙ හිතෙ අහංකාර කෝලම්
සිතලා පතලා නුඹෙ හිතෙ ආදරේ මට හැමදාමත් හිමි වෙන්න කිව්වා
ලියලා කියලා කඩදාසි කොලයක මගෙ ඇමතුම නුඹ වෙත එව්වා
හිතලා මතලා ඇයිද නුඹ මාව මගහැර යන්නෙ මම හැම තැන හෙව්වා
හඬලා කරලා වැඩක් නෑ නෙ කෙල්ලෙ මම නැති දාට නුඹ පිලිතුරක් මැව්වා
සින්ඩරෙල්ලා ඔයා මගෙ හද සිර කළා රෝස හාදු තොල් පෙති වලින් මම මත් වුණා
සඳකෙමි මත පා අඩි නැති වෙලා හිතින් ඉන්නෙ අද හොඳටම මම බය වෙලා
නුඹ මත් වුණා ඔයා මගෙන් වහන් කළා
හිත පිච්චුණා ඔය රුව බල බලා
මාව ගැස්සුනා සිහිනයකින් පවා
ඇයි කෙල්ලෙ දෙන්න කැමැත්ත මෙච්චර පමා

ඔබෙ ලස්සන හිනාවට කෙල්ලෙ මම යා වුණෙ මගෙ හිත පා වුණෙ
රතු වුණු ඇස් මගෙ කඳුලයි තනි මැකුවේ හැම රෑකම කෙල්ලෙ
තනි සිතුවිල්ලක පැටලි මං රහසෙ ආදරෙ කළෙ නුඹෙ ඇස් දිහා බල බල
නුඹෙ හිත ගන්නට දැඟලුවෙ පැටලුවෙ ඔබ මා තනි ලෝකෙක Shawty

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment