Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ

Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ
Song Title : Thatiya Medde Kalu Karapu (තැටිය මැද්දේ කළු කරාපු)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු / එච්.ආර්. ජෝතිපාල
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : අර්නස්ට් සොයිසා


තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උණාවු
මහ වැඩකට පෙලඹුණාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ//

ඉරට එළිය අඩු උණාට
සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඬට අහු ‍උණාට
ඇඟෙන් බිඳක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දේ කළු කරාපු...

ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ..
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දේ කළු කරාපු...

නෑ නෑ දැන් එයා මෙහේ නෑ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment