Samaru Pothe Pitu Gelawi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ

Samaru Pothe Pitu Gelawi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ
Song Title : Samaru Pothe Pitu Gelawi (සමරු පොතේ පිටු ගැලවී)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
තනුව‍ : එම්.එස්. ප්‍රනාන්දු
පද : එම්.එස්. ප්‍රනාන්දු


සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
නූරුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මටනම් රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment