Asoka Mal Mala Nelala Song Lyrics - අසෝක මල් මාල නෙළාලා ගීතයේ පද පෙළ

Asoka Mal Mala Nelala Song Lyrics - අසෝක මල් මාල නෙළාලා ගීතයේ පද පෙළ
Song Title : Asoka Mal Mala Nelala (අසෝක මල් මාල නෙළාලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
තනුව : එම්.එස්. ප්‍රනාන්දු
පද : එම්.එස්. ප්‍රනාන්දු


අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා //

බලන්න ලක්ෂනයි
වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරී
කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
ප්‍රීති වෙලා ප්‍රීති වෙලා

අසෝක මල් මාල නෙළාලා...

ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
නැතේ ම රාජ මංදිරේ..
නොයන්න ආදරී
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා

අසෝක මල් මාල නෙළාලා...

ලියාවි සිංහලේ
ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ
උනොත් මගේ ප්‍රියම්බරී
අසෝක මාලියේ
සාලි කුමරු මම වෙමි ත්‍රී සිංහලේ
මනාලියේ මනාලියේ

අසෝක මල් මාල නෙළාලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment