Sili Siliye Nawa Suwandak Song Lyrics - සිලි සිලියේ නව සුවඳක් ගීතයේ පද පෙළ

Sili Siliye Nawa Suwandak Song Lyrics - සිලි සිලියේ නව සුවඳක් ගීතයේ පද පෙළ
Song Title : Sili Siliye Nawa Suwandak (සිලි සිලියේ නව සුවඳක්)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු / නොයෙල් ගුණරත්න
තනුව : ආර්. මුත්තුසාමි
පද : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටය  : සසරක හැටි (1964)


සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා //
යෞවන කාලේ ජීවන ඊලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ

මල් පිබිදීලා සුළඟෙ නටන්නේ
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ
ඇත්ත තමයි සහතිකමයි උන් පැණි බොනවාලූ
ඇත්ත තමයි සහතිකමයි උන් පැණි බොනවාලූ

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා //
යෞවන කාලේ ජීවන ඊලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ

සිසිලැති ගංගා ගලා බසින්නේ
එය නැත ඉවුරේ වැද නවතින්නේ
පෙම් රසෙහීදී කරමින් මෝදු
දිය කඳ දෙනවා ඉවුරට හාදු
ඇත්ත තමයි සහතිකමයි නැත්තෙ මොකද යාලූ
ඇත්ත තමයි සහතිකමයි නැත්තෙ මොකද යාලූ

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා //
යෞවන කාලේ ජීවන ඊලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment