Lassana Amba Gasak Soyala Song Lyrics - ලස්සන අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ

Lassana Amba Gasak Soyala Song Lyrics - ලස්සන අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ
Song Title : Lassana Amba Gasak Soyala (ලස්සන අඹ ගසක් සොයාලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු


ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං //

සදාපු කූඩුව මං මුලදි
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං

රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment