Nela Ganumata Song Lyrics - නෙලා ගැනුමට ගීතයේ පද පෙළ

Nela Ganumata Song Lyrics - නෙලා ගැනුමට ගීතයේ පද පෙළ
Song Title : Nela Ganumata (නෙලා ගැනුමට)
ගායනය : සුනීර සුමංග 
සංගීතය : කපිල අපරැක්ක 
පබැඳුම : නාරද විජයසූරිය 


නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..

ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය..

නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment