Saptha Swarayai Song Lyrics - සප්ත ස්වරයයි ගීතයේ පද පෙළ

Saptha Swarayai Song Lyrics - සප්ත ස්වරයයි ගීතයේ පද පෙළ
Song Title : Saptha Swarayai (සප්ත ස්වරයයි)
ගායනය : ඉන්දික රුවන් - රූනි (Roony)
පද රචනය : හසිත විතානගේ
සංගීතය : නයන කරුණානායක


නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ...
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් මමනා ඈ වටා..
ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා...

හිත පුරා විසිරි මුතුලතා..
ඉහිරුනා රුවැති හද පතා..
හීන මුසු වුනු පාට තැවරුනු
දෑස අභියස නැවතිලා..
ඇගෙ නිකිනි සිනහ මල් - කිනිති සැලෙන විට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදේ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..

මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන රිද්මයේ..
නීල අඹරේ තුහින මල් වැල්
තෙමෙනවා මා ආදරෙන්..
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment