Payanna Sanda Se Oya Song Lyrics - පායන්න සඳ සේ සේ ඔයා ගීතයේ පද පෙළ

Payanna Sanda Se Oya Song Lyrics - පායන්න සඳ සේ සේ ඔයා ගීතයේ පද පෙළ
Song Title : Payanna Sanda Se Oya (පායන්න සඳ සේ සේ ඔයා)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ප්‍රියන්ත නාවලගේ 
ගී පද : ප්‍රියන්ජන් දැකුම් සුන්දර්


පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

හොරැහින් එබිලා තුරුලේ රැඳිලා
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
මං ආදරෙයි පණ වගේ

පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
සඳමාලියේ ඒ ඔයා

පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment