Pawan Susum Dalin Weli Song Lyrics - පවන් සුසුම් දැලින් වෙළී ගීතයේ පද පෙළ

Pawan Susum Dalin Weli Song Lyrics - පවන් සුසුම් දැලින් වෙළී ගීතයේ පද පෙළ

Pawan Susum Dalin Weli Song Lyrics - පවන් සුසුම් දැලින් වෙළී ගීතයේ පද පෙළ
Song Title : Pawan Susum Dalin Weli (පවන් සුසුම් දැලින් වෙළී)
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : ධර්මසිරි ගමගේ
තරංගා චිත්‍රපටියෙන්


පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා

පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ

පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment