Niyare Piya Nagala Song Lyrics - නියරේ පිය නගලා ගීතයේ පද පෙළ

සිංදු පොත,Saman De Silva,සමන් ද සිල්වා මහත්මා
Song Title : Niyare Piya Nagala (නියරේ පිය නගලා)
ගායනය : සමන් ද සිල්වා
සංගීතය : නිමල් ඩයස්/ අර්නස්‌ට්‌ සොයිසා
ගී පද : වර්නන් පෙරේරා


නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment