Me Dasa Kagedo Song Lyrics - මේ දෑස කාගෙදෝ ගීතයේ පද පෙළ

Me Dasa Kagedo Song Lyrics - මේ දෑස කාගෙදෝ ගීතයේ පද පෙළ

Me Dasa Kagedo Song Lyrics - මේ දෑස කාගෙදෝ ගීතයේ පද පෙළ
Song Title : Me Dasa Kagedo (මේ දෑස කාගෙදෝ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සමග සමන් ද සිල්වා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්
මෙම ගීය මුලින් ගායනා කරන ලැබුවේ ඉන්ද්‍රානි පෙරේරා සමග එච්. ආර්. ජෝතිපාල විසිනි


මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

එකම වීදියේ
එකට පිය තබා
යම්දෝ කෙසේ
සඳට වී මුවා
අහසෙ තරු නිවා
ඉම්දෝ කෙසේ
මේ පාළු මිහිතලේ (හා හා හා)
අත්වැල් දරා
සැංගී කෙසේ යාදෝ
කාටත් හොරා

මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

තනිව මේ රැයේ
රැඳෙන මේ පැයේ
සංකා මැවේ
බැඳුණු බැමි කඩා
ලොවට ඔබෙ කුඩා
එම්දෝ කෙසේ
රෑනින් මිදී ඇදී (හා හා හා)
ඉවසුම් නැතී
සීමා බිඳී යාවී
මායිම් මැකී

මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment