Ran Rasa Wage Song Lyrics - රන් රස වාගේ ගීතයේ පද පෙළ

Ran Rasa Wage Song Lyrics - රන් රස වාගේ ගීතයේ පද පෙළ
Song Title : Ran Rasa Wage (රන් රස වාගේ)
ගායනය : සමන් ද සිල්වා
සංගීතය : අර්නස්‌ට්‌ සොයිසා
ගී පද : වර්නන් පෙරේරා


රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මා වෙහෙසීලා ගෙට එන විගසේ
ආදර බස් පවසන්නේ
මට සලකන්නේ රජෙකුට විලසේ
මගෙ දුක සැප විමසන්නේ
මා පණ විලසේ ඔබ රැකගන්නේ
නෑ කිසිදා දුක දෙන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මල් සර දෝණී පිදුවද සෙනෙහේ
මා නැත ඒ පිළිගන්නේ
මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ
ඒ ළඳ නෑ මට දෙන්නේ
මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
මගෙ සහකාරිය වන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment