Muthu Pabalu Gale Song Lyrics - මුතු පබළු ගෙලේ ගීතයේ පද පෙළ

Muthu Pabalu Gale Song Lyrics - මුතු පබළු ගෙලේ ගීතයේ පද පෙළ
Song Title : Muthu Pabalu Gale (මුතු පබළු ගෙලේ)
ගායනය : මරියසෙල් ගුණතිලක
පද : සිසිර දිසානායක
තනුව : කැමරන් කොළඹගේ


මුතු පබළු ගෙලේ විසිර ගියාවේ
මුදු වරළ මිදී අවුල් වුණාවේ
මුව කිකිණි සිනා නිහඬ වුණාවේ
ඔබෙ දෙතොල් පහස ඉතිරි වුණාවේ

අරුණේ අරුණැල්ලේ පිපි දුහුල් මල් වගේ
පවනේ පවනැල්ලේ යන පුළුන් කැටි වගේ
සිත අයාලයේ ඉගිල ඔහේ සරන වෙලාවේ
මට ඔබයි ඔබේ සෙනෙහෙ අරන් තනියට ආවේ

සයුරේ නිල්  රැල්ලේ සුදු සුමුදු පෙණ වගේ
නිල්ලේ තණ නිල්ලේ රැඳි සිහින් පිණි වගේ
පැතු සෙනේහයේ පැතුම් සිඳී බිඳෙන වෙලාවේ
මට ඔබයි මගේ ජීවිතයට සතුට ගෙනාවේ

මුතු පබළු ගෙලේ විසිර ගියාවේ
මුදු වරල ලිහී අවුල් වුණාවේ
මුව කිකිණි සිනහ නිහඬ වුණාවේ
ඔබෙ දෙතොල් පහස ඉතිරි වුණාවේ

වූ... වූහූ ඌ ඌ.... වූ.. හූ.. වූහූ ඌ ඌ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment