Mama Enne Dubai Rate Indala Song Lyrics - මම එන්නෙ ඩුබායි රටේ ඉඳල ගීතයේ පද පෙළ

Mama Enne Dubai Rate Indala Song Lyrics - මම එන්නෙ ඩුබායි රටේ ඉඳල ගීතයේ පද පෙළ
Song Title : Mama Enne Dubai Rate Indala (මම එන්නෙ ඩුබායි රටේ ඉඳල)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : එම්.එස්. ප්‍රනාන්දු


මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

එරන්දතී මට කැමැත්ත දුන්නැහැ
අම්ම තාත්තල මූණ බැලුවෙ නැහැ //
දැන්නං බලනව දුක සැප අහනව
මොකක්ද වෙනසක් සිදුවෙල තිබෙනව
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මම එනතුරු සිව් වසරක් හිටියලු
මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවෙ ඇයි හිත රිදෙනවාලු
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දල මාමල ආවද කොපමණ //
ආඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගෙ හිත එරන්දතී ගැන
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment