Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබලන්නේ ගීතයේ පද පෙළ

Ranwan Watha Babalanne Song Lyrics - රන්වන් වත බබලන්නේ ගීතයේ පද පෙළ
Song Title : Ranwan Watha Babalanne (රන්වන් වත බබලන්නේ)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු
සංගීතය : එස්. ශන්මුගම්
ගී පද : කරුණාරත්න අබේසේකර


රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment