Obage Hada Magemai Song Lyrics - ඔබගේ හද මාගේමයි ගීතයේ පද පෙළ

Obage Hada Magemai Song Lyrics - ඔබගේ හද මාගේමයි ගීතයේ පද පෙළ
Song Title : Obage Hada Magemai (ඔබගේ හද මාගේමයි)
ගායනය : එම්.එස් ප‍්‍රනාන්දු, රංජනී පෙරේරා
සංගීතය : එම්.කේ රොක්සාමි
ගී පද : සුනිල් විමලවීර
හරිම බඩු තුනක් (1976) චිත්‍රපටියෙන්


ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
රන් රස සේ පෑහේමයි

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි

සංසාරේ
කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ
තිරසර වුණා
ශෘංගාරේ
පෙම් පැණි පොවා පොවා සිනා සලාලා
තුරුළට වෙලා
සීතල හිම ලන්දේ මේ
උණුසුම මට ඕනෑ වේ
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි

පෙම් සිහිනේ
ලොව දැන ගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ
ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා සිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
රන් රස සේ පෑහේමයි

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment