Asha Dasin Song Lyrics - ආශා දෑසින් ගීතයේ පද පෙළ

Asha Dasin Song Lyrics - ආශා දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Asha Dasin (ආශා දෑසින්)
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර
තනුව : ජයතිස්ස අලහකෝන්
සංගීතය : පණ්ඩිත් අමරදේව
ගී පද : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
1965 දී තිරගතවූ "සාමා" චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටියේ පසුබිම් සංගීතය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ වුව ගීයේ තනුව දේවානන්ද වෛද්‍යසේකර‍ ගේය.


ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා

ආ මග දෑලේ පිපි මල් පරවී
නෑ ඵල හටගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ

තන්හා දෑතින් පැතු මේ වරපට
තන්හා දෑතින් පැතු මේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මග දිග යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යලි
ජීවනයට යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යලි
ජීවනයට යනවා

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment