Neela nuwan Manel Mal Song Lyrics - නීල නුවන් මානෙල් මල් ගීතයේ පද පෙළ

Neela nuwan Manel Mal Song Lyrics - නීල නුවන් මානෙල් මල් ගීතයේ පද පෙළ
Song Title : Neela nuwan Manel Mal (නීල නුවන් මානෙල් මල්)
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර
තනුව : දේවානන්ද වෛද්‍යසේකර
පද : මඩවල එස්. රත්නායක


නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා

කළෙත් අරන් ලිඳට ගියා //

කියඹු ලතා නළලෙ වැටී
කියඹු ලතා නළලෙ වැටී
නව රසයක් මූණෙ සැදී
කොමල පාන තියා තියා
ටිකිරි ලියා ටිකිරි ලියා

කළෙත් අරන් ලිඳට ගියා //

හිරු පිබිදෙයි ඔබ දකිමින්
මුළු ගම රසවෙයි මිහිරෙන්
විහඟ ගීත ගමේ සදා
ටිකිරි ලියා ටිකිරි ලියා

කළෙත් අරන් ලිඳට ගියා //

උදහැක්කේ වතුර සොයා
උදහැක්කේ වතුර සොයා
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
කකුල කාපි දියබරියා

නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා

කළෙත් අරන් ලිඳට ගියා //////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment