චොකලට් කුකීස් හදමු (Chocolate Cookies Hadamu)

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way
අද මම ☕ වෙලාවට හැදුවා රසම රස කැමක් . චොකලට් කුකීස් . දෙවිදියකට හැදුවා . එකක් පයිපින් බැග් එකකට 1M නොසල් එක දාලා . අනික් විදිය චොක්ලට් චිප්ස් කලවම් කරලා උඩිනුත් තිබ්බා . හරිම රසයි. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි  200 g
  • සීනි  150g (කුඩු කර ගත්)
  • මාජරීන්  100g
  • කොකෝ පවුඩර් 25g
  • බිත්තර 1 
  • වැනිලා තේ හැඳි 1 
  • පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3 
  • බේකින් පවුඩර් තේ හැඳි 1 /2

✅ සාදා ගන්නා ආකාරය:

  1. පලමුව පාන් පිටි එකට බේකින් පවුඩර් එකතු කර පෙනේරයකින් හලා  පැත්තකින් තබන්න .
  2. භාජනයකට කාමර උශ්නත්වය බටර් දමා බීට් කරන්න .පසුව එයට කුඩු කර ගත් සීනි එකතු කර නැවතත් බීට් කරන්න . දැන් එයට  වැනිලා එකතු කර තව ටිකක් බීට් කරන්න . කොකෝ පවුඩර් එකතු කර බීට් කරන්න . අවසානෙට කිරි එකතු කර ටිකක් වෙලා බීට් කරන්න . 
  3. දැන් පාන් පිටි ටික ටික මිශ්‍රණයට එකතු කරමින් spatula එකකින් හෝ හැන්දකින් කලවම් කරන්න . 
  4. බේකින් ට්‍රේ එකට මාජරීන් ගා තෙල් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න .
  5. දැන්  පයිපින් බැග් එකක් ගෙන තුඩ ටිකක් කපා නොසල් එක දමා බේකින් ට්‍රේ එක උඩ පයිප් කරන්න . මම බාගයක් එහෙම කලා .
  6. අනිත් බාගෙට චොක්ලට් චිප්ස් ටිකක් සහ තව පාන් පිටි ටිකක් දමා අනා ටිකක් ඝන ඩෝ එකක් සාදා බෝල සාදා යාන්තමට තද කර උඩින් චොක්ලට් චිප්ස් වලින් සරසා ගත්තා . එයත් විනාඩි 10 ශිත කරණයෙහි තිබ්බා.(පහල පින්තූරයේ පෙනෙන පරිදි )
  7. මෙම ට්‍රේ එක විනාඩි 10 ශිත කරණයෙහි තබන්න . 
  8. එම වේලාව අතරතුර උශ්නත්වය 180ට විනාඩි 10 අවන් එක  pre heat කරන්න .
  9. විනාඩි 10 ට පසු ට්‍රේ එක ශිත කරණයෙන් එළියට ගෙන අවන් එකට දාන්න . අවන් එක විනාඩි 25 කට සෙට් කරන්න . 
  10. විනාඩි 25 ට පසු එළියට ගත් විට කුකීස් ටිකක් සොෆ්ට් ගතියයි . ඒ වුනාට නිවෙන කොට තද ගතියයි . හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way

චොකලට් කුකීස් (Chocolate Cookies) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment