Maya Enawa Song Lyrics - මායා එනවා ගීතයේ පද පෙළ (Maya Movie)

Maya Enawa Song Lyrics - මායා එනවා ගීතයේ පද පෙළ (Maya Movie)
Song Title : Maya Enawa (මායා එනවා) - මයා සිංහල චිත්‍රපටිය
Singer : Uditha Sanjaya


හොටු විකා ලේ උරා ලා
නිය වලින් ඇස් උගුල්ලා
දිව ඇද පහලට පෙති පෙති ගන්නේ
පපු හාරා හද මිරිකා
උන් හිස මත ගසාලා
ගිනි හීයෙන් විද හිස අවුලන්නේ

මායා එනවා දඩුවම් දෙනවා
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඩුවම් දෙනවා

කපා දැමූ දේහ දැවේ නලියන
මස් බැදලි කැබේ
සතුරු බිමේ රතු එලි ගිනියමින් පෙලේ
කුනාටුවක් වගේ ඇදේ ගිනියම් වූ දෙනෙත් සැලේ
දෙතිස් වදේ දේවි මෙසේ මෙවන් කුරිරු රටක් නැතේ

උනු කටාරමේ දමාලා
කියතින් සිරුර ඉරාලා
වස නිය එක එක උගුලා ගන්නේ
ගිනි යපස් හිසට දමාලා
විසයවුල්ව බලා
ඇගේ සතුරන් හට දඩුවම් දෙන්නේ

මායා එනවා දඩුවම් දෙනවා
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඩුවම් දෙනවා

සතුරට බෑ පලා යන්න
මේකයි මායා බලේ
ඕකෙට යුක්තිය බෙදන්න
දෙවියොයි ඈ බිහි කලේ
නාග පොලොන් විසකුරු වන්
මිනිසුන් සිටිනා බිමේ
මායා මයාවක් වී උන්
වනසාලනු පෙනේ

කපා දමා සතුරා නසා
දෙවියන් දුන් පුද බිමේ
දෙවිදුට පිළි පදුරු පුදා
කලගුන සලකනු පෙනේ

කපා දමා සතුරා නසා
දෙවියන් දුන් පුද බිමේ
දෙවිදුට පිළි පදුරු පුදා
කලගුන සලකනු පෙනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment