Gaburuyi Diya Kada Song Lyrics - ගැඹුරුයි දිය කඳ ගීතයේ පද පෙළ

Gaburuyi Diya Kada Song Lyrics - ගැඹුරුයි දිය කඳ ගීතයේ පද පෙළ
Song Title : Gaburuyi Diya Kada (ගැඹුරුයි දිය කඳ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව : එඩ්වඩ් ජයකොඩි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ එළිදැක්මකි


ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

දහසක් පීඩා දුක් ගිනි ජාලා
තැවී දැවී වැළපී
සේන්දුවන්නට පෙරුම් පුරා ආ
කෙම්බිම නොපෙනෙන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

මතකය සොඳුරුයි මිරිඟුව හිනැහෙයි
කාලය ඉගිලෙන්නේ
දෑසද අඳුරුයි
මා සිත් සයුරේ
කුණාටු මතු වන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment