Dethol Magema Nam Song Lyrics - දෙතොල් මගේම නම් ගීතයේ පද පෙළ

Dethol Magema Nam Song Lyrics - දෙතොල් මගේම නම් ගීතයේ පද පෙළ
Song Title : Dethol Magema Nam (දෙතොල් මගේම නම්)
Singing : DADDY (ඩැඩී)


දෙතොල් මගේම නම්
රැයින් රැයට ඉර පායනකන්
රස කර කර සිප ගන්නම්

දෙනෙත් මගේමනම්
අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්
නිල් ඇස් දෙක දෙසම බලන්නම්
සඳ ගිලී ඉර වැටෙනකන්
තුරුලු වී තොල් පෙති සිඹින්නම්
දිනෙක අඳුරින් නැහැවෙනකන්
නිතර නිල් ඇස් දෙස බලන්නම්
සිත රිදවා හැඬවූ ආදර කතාව
තවදුරටත් එහි ලැගුම් නොගන්නා
කොටසක් කරන්න මොහොතින් මොහොතම
ඇය ළඟ සිටිමින් ඇය දෙස බලමින් සනසන්නම්

ඔව් ඔබ මගේම නම්
මගෙන් ඇගෙ සිත පෑරේ නම්
කඳුළු බිඳු ඇගෙ නෙත් තෙමයි නම්
ඇගේ සිත වෙන කෙනෙකුගේ නම්
ගැයූ පද අමතක කරන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment