Athi De Athi Satiyen Song Lyrics - ඇති දේ ඇති සැටියෙන් ගීතයේ පද පෙළ

Athi De Athi Satiyen Song Lyrics - ඇති දේ ඇති සැටියෙන් ගීතයේ පද පෙළ
Song Title : Athi De Athi Satiyen (ඇති දේ ඇති සැටියෙන්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : වසන්ත කුමාර කොබවක


ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment