Ahas Gabe Tharuketa Gane Song Lyrics - අහස් ගැඹේ තරුකැට ගානේ ගීතයේ පද පෙළ

Ahas Gabe Tharuketa Gane Song Lyrics - අහස් ගැඹේ තරුකැට ගානේ ගීතයේ පද පෙළ
Song Title : Ahas Gabe Tharuketa Gane (අහස් ගැඹේ තරුකැට ගානේ)
ගායනය : චරිතා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : රඹුකන සිද්ධාර්ථ හිමි


අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ..//
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..//
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment