Ahabu Lesa Nuba Hamuwela Song Lyrics - අහඹු ලෙස නුඹ හමුවෙලා ගීතයේ පද පෙළ

Ahabu Lesa Nuba Hamuwela Song Lyrics - අහඹු ලෙස නුඹ හමුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Ahabu Lesa Nuba Hamuwela (අහඹු ලෙස නුඹ හමුවෙලා)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


අහඹු ලෙස නුඹ හමුවෙලා
ආදරෙන් සිත් යාවෙලා
පැතුම් දහසක් ඉටුවෙලා
ඉදින් මා නුඹගෙම වෙලා..........

ඇතත් දහසක් අත් ලොවේ
දුටුවේ නුඹේ සුරතයි ප්‍රියේ
සිටිත් පිරිමින් නෙක දෙසේ
නුඹට සම කිසිවෙක් නැතේ...........

දුකට සතුටට සැපට කඳුළට
නොදැන ආවේ නුඹේ තුරුලට
සැනසීම දුන් මගේ දිවියට
නුඹයි නැවතුම ඉතිරි දිවියට.......

නුඹේ සිනහව මගෙත් සිනහව
කඳුලු කුමටද එක සිතක් යට
දෙසිත් යාකළ සේතුවක් වෙද
නුඹේ සුරතයි මගෙම වූ සොඳ........

නුඹත් සමගින් ඇවිද යන්නෙමි
කටුක මාවත් හැඩ කරන්නෙමි
නුඹේ සුරතේ වෙලී ඉන්නෙමි
මතු මතුත් නුඹගේම වන්නෙමි........

.........මධු.....🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment