Yan Song Lyrics - යං ගීතයේ පද පෙළ

Yan Song Lyrics - යං ගීතයේ පද පෙළ
Song Title : Yan (යං)
Artiste : Gayan Gunawardana
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production : SGM Tunes


මන්දාරම් කළුවරේ
හැන්දෑ අහසට හිතේ
සංකාවට හේතු කියන් සිටිනා

ඈතින් තරුවක් වගේ
ගනදුර පීරා නුඹේ
ඇස්වල ආලෝකය මන් දුටුවා

අත් අල්ලං ඉක්මන් ගමනින් යං
ප්‍රේමය පපුවේ පුරවං
වෙන ලස්සන තැනක් හොයං

හති වැටුනොත් පපුවට වාරුවෙයන්
යනකන් අන්තිම හුස්මන්
එක පාරක එකටම යං

සාගරයෙන් පීනා
ආකාසෙන් පීහිබා
කොහේහරි යං සකවල පුරා

මිනිසුන්ගේ ප්‍රෝඩා
බොරුවෙන් පිරි සිනහා
නැති තැන ඉමු අපි ලංවෙලා

අත් අල්ලං ඉක්මන් ගමනින් යං
ප්‍රේමය පපුවේ පුරවං
වෙන ලස්සන තැනක් හොයං

හති වැටුනොත් පපුවට වාරුවෙයන්
යනකන් අන්තිම හුස්මන්
එක පාරක එකටම යං

සන්තෝශෙන් දෙන්නා
ඉන්නා බව දිවුරා
අරමුනු වෙත ලංවෙන තුරා
විශ්වාසෙන් මා හා
යමු සටහන් තියලා
නම් දෙක ඉතිහාසෙට ලියා

අත් අල්ලං ඉක්මන් ගමනින් යං
ප්‍රේමය පපුවේ පුරවං
වෙන ලස්සන තැනක් හොයං

හති වැටුනොත් පපුවට වාරුවෙයන්
යනකන් අන්තිම හුස්මන්
එක පාරක එකටම යං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment