Adare Namayen Song Lyrics - ආදරේ නාමයෙන් ගීතයේ පද පෙළ

Adare Namayen Song Lyrics - ආදරේ නාමයෙන් ගීතයේ පද පෙළ
Song Title : Adare Namayen (ආදරේ නාමයෙන්)
Artist : Lavan Abhishek
Lyrics : Sampath Fernandopulle
Music : Nimesh Kulasinghe
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV



ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

නුහුරුවට නැත පිරිමි හිත මැද
සිහින ඇත පිරිලා
පෙමක හුරු වුනු
හදක අසිරිය ලොවම
නැත දැකලා
ඔබ මගේ අද හුස්ම පොද ටික
නැතිව අද මැරිලා
තුරුලු කරගෙන ඇස් පියාගමි
සතුට එය සැමදා

කදුලු බර නැත
හිතට පුරුදුයි
දුකම ඇත විදලා
යකඩ කන්දක් දෙකට නොනැමී
සුලග දුර දැකලා
ජවය ලය ඇත
දිරිය මට ඇත
ජය ගමී සැමදා
සමන් සුවදයි කපා හැලුවත්
හැඩුවේ නැත කිසිදා

ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment